රාජ්‍ය මුදල් අවභාවිතා නඩුවට ගෝඨාට අධි චෝදනා - ඇප.



ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය හා ස්මාරකය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන  සිද්ධිය සම්බන්ධයෙන්  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනකුට  අද (10) විශේෂ මහාධිකරණය විසින් අධි චෝදනාපත්‍ර ගොනු කරනු  ලැබු අතර  රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප හා  ලක්ෂ 10 ක් බැගින් ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට ද අධිකරණය නියෝග කළේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් මෙම  නියෝගය නිකුත් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment