අගමැතිගේ වියට්නාම් සංචාරයෙන් පසු රවී ගැන තීන්දුවක්!



එජාප උප නායක රවී කරුණානායක මහතාට යළි අමාත්‍ය ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් තමාගේ වියට්නාම් නිල සංචාරයෙන් පසු ජනාධිපතිවරයා සමග සාකච්ජා කර එකඟත්වයක් ඇතිකර ගන්නා බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හමුවේ පසුගියදා පොරොන්දු වී ඇත.

බැඳුම්කර කොමිසම් වාර්තාවේ සඳහන් කරුණු වලට අනුව රවී කරුණානායක මහතා කිසියම්ම හෝ වරදක් කර ඇද්දැයි සොයා බලා නිරීක්ෂණ වාර්තාවක් ලබාදෙන ලෙස තමා විසින් නීතිපතිවරයා ගෙන් කල ඉල්ලීමට අනුව නීතිපතිගේ ලිඛිත කරුණු පැහැදිලි කිරීම ලබන බදාදා (12) අගමැති කාර්යාලය වෙත ලබාදීමට නියමිත බව පවසා ඇති අගමැතිවරයා, එම වාර්තාව රැගෙන ලබන සති අන්තයේ තමා ජනාධිපතිවරයා හමුවීමට යන බව එම මන්ත්‍රීවරුන් පිරිසට දැනුම් දී ඇත.

තමාව යළි කැබිනට් අමාත්‍යධුරයට පත් කරනවාට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පසුගිය දා පැවති එක්සත් ජාතික පක්ෂ දේශපාලන කමිටු රැස්වීමේ දී ප්‍රකාශකර ඇතැයි මාධ්‍යය වාර්තාවල සඳහන් විය.

රවී කරුණානායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත්වීම නිසා පක්ෂයට බලවත් අවාසියක් සිදුව ඇතැයි එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැතිවරයාට කිහිප වරක්ම අවධාරණය කර තිබිණ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment