අයි එස් ත්‍රස්තයෙකු යිය සැකපිට ඕස්ට්‍රේලියාවේදී හසුවූ ලාංකික සිසුවාගේ මාමා ඇමති ෆයිසර් මුස්තාපා - සීයා හිටපු ලංකා බැංකු සභාපති

ශිෂ්‍ය වීසා මත ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් සරසවියේ ව්‍යාපාර විශ්ලේෂණ අධ්‍යයන කටයුතු කරන මොහමඩ් නිසාම්දීන් නමැති 25 හැවිරිදි සිසුවෙකු ෆෙඩරල් පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ පසුව ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.ඔහු ගැන එරට පොලිසිය අරඹා ඇති විශේෂ විමර්ශනයේදී ඔහුගේ මාමා ශ්‍රි ලංකාවේ පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා  බවද ඔහුගේ සීයා
හිටපු ලංකා බැංකු සභාපති නැසීගිය ජෙහාන් කමීර් කාසිම් බවද ඕස්ට්‍රෙලියානු මාධ්‍ය අනාවරණය කර තිබේ.
ඒබීසී පුවත් වාර්තා මගින් වාර්තා කර තිබෙන පරිදි පසුගිය 30 වනදා අත්අඩංගුවට ගනු ලැබූ මොහමඩ් නිසාම්දීන්
ඕස්ට්‍රේලියාවේ Malcolm Turnbull හා Julie Bishop නමැති හිටපු අගමැති

සහ හිටපු විදේශ කටයුතු ඇමතිවරයා ඝාතනය කිරීමටත් සරසවි ආශ්‍රිත බෝම්බ පිපිරිම් ඇති කිරීමටත් සැලසුම් කළ බවට චෝදනා ලබා තිබෙන බවයි.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ නෝට් බුක් පරිගණකයේ මෙම සැලසුම සහිත ලිපි ලේඛන රැසක් තැන්පත්ව තිබී ඇති අතර ඒවා විශ්ලේෂණයේදී ඉහත කී දෙදෙනාට අමතරව හිටපු කතානායක Bronwyn Bishop ඝාතනය කිරීමටත් ඕස්ට්‍රේලියාවේ ප්‍රකට අයිකනයක් වූ Sydney Opera House තුළ බෝම්බ පිපිරවීම් සිදු කරන්නටත් සැලසුම් තිබී ඇති බව හෙමළිව තිබේ. ඊට අමතරව ප්‍රධාන දුම්රිය මාර්ග පොලිස් ස්ථාන හා ඕස්ට්‍රේලියානු වරාය නගරය තුළ පිපිරවීම් සිදු කිරීමට මෙම සැලසුමේ තොරතුරු තිබී ඇත.
ප්‍රහාර සඳහා ඉලක්කගත ස්ථාන සටහන් කොට ඇති මොහු ඒවාට සම්බන්ධිත පුද්ගලයින් නම් කර ඇති අතර ISIS සංවිධානය හා සබඳකම් ඇත්තෙකු බව  ඒ අනුව අනාවරණය වූ බව ෆෙඩරල් පොලිසිය සැකකරයි.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් සරසවියේ ආචාර්ය උපාධියක් සඳහා ලියාපදිංචිවී අධ්‍යයන කටයුතු කරන අතර ඔහු ව්‍යාපාරික තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ව්‍යාපෘතියක් 2016 වසරේ සිට වෘත්තිය වශයෙන් කරගෙන ගොස් ඇත.
එහිදී ඔහු පරිගණක ජාල හැක්කරන අය නවතාලීමේ වැඩසටහන් ක්‍රමලේඛන සිදු කර ඇති බවද ඒබීසී පුවත් වාර්තා වල දැක්වේ. ඔහුගේ ශිෂ්‍ය වීසා කාලය මෙම සතියේ අවසන්ව තිබෙන අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු තවදුරටත් බන්ධනාගාරයේ රඳවාලීමට අවශ්‍ය නිසා විශේෂ පොලිස් ඉල්ලීම් මත එම වීසා කාලය නඩු විභාගය පවත්වන තාක් කල් දීර්ඝ කර ඇත.

මොහු  පසුගිය සතියේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප ලැබුනේ නැති අතර ඔක්තෝබර් 24 වනදා නඩුව කල් තබා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment