'වසර තුනට රටේ අපරාධ 35%කින් අඩුවෙලා' - අගමැති.



පසුගිය වසර තුනේදී මේ රටේ අපරාධ සියයට 35 කින් අඩුවී ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

බම්බලපිටිය පොලිස් ක්‍ෂේත‍්‍ර බළකා මූලස්ථාන කී‍්‍රඩාපිටියේදී ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 152 වැනි දින උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්‌වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමේ වගකීම පොලිසියට භාරදී තිබෙන බවද නීතියක්‌ හා ස්‌ථාවරත්වයක්‌ නොමැති නම් රටේ දියුණුවක්‌ නැති බවද අගමැතිවරයා පැවසීය.

රටක නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ආණ්‌ඩුවක්‌ පවත්වාගෙන යාමට නොහැකි බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment