එස් පවර් බලාගාරයට කෝටි 200ක් ගෙවීමට සිදුවීමෙන් ලංවීම අර්බුදයක.



එස් පවර් ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් ඉකුත් මාස 4ක කාලයක් සඳහා ලබාගත් විදුලිය වෙනුවෙන් රුපියල් කෝටි 200 කට අධික මුදලක් ගෙවීමට සිදුවීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තාවේ.

එස් පවර් ඇඹිලිපිටිය පෞද්ගලික බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ලංවීම හා එම බලාගාරය අතර අත්සන් කළ ගිවිසුම නීති විරෝධී හෙයින් ඊට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අවසර හිමිවී නොමැති තත්ත්වයක් මත එම අර්බුදය හට ගෙන ඇතැයිද පැවසේ.

එම පෞද්ගිලික විදුලි බලාගාරයෙන් ඉකුත් අප්‍රේල් මාසයේදී ලබා ගත් විදුලිය වෙනුවෙන් රුපියල් කෝටි 85ක මුදලක් ගෙවීමට නොහැකිව තිබූ අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ විශේෂ නියෝගයක් මත එම මුදල ගෙවා දැමීමට ලංවීම පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි.

ඉන්පසු ඉකුත් ජූලි මාසය දක්වා කාලය තුළ ලබාගත් විදුලිය වෙනුවෙන් තවත් රුපියල් කෝටි 115කට අධික මුදලක් එම බලාගාරයට ගෙවීමට තිබෙන අතර එම ගෙවීම නීත්‍යානූකූල අයුරින් සිදුකිරීමේ ගැටළු මතුව තිබෙන බවද පැවසේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment