15 හැවිරිදි දැරියක රථයේ තියාගෙන රැයක් තිස්සේ දුෂණය කළ පුද්ගලික බස් රියදුරු

පෞද්ගලික බස් රථයක් තුළ හිරකර තබා 15 හැවිරිදි පාසල් සිසුවියක රැයක් තිස්සේ දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම බස් රථයේ රියැදුරු වන දෙදරු පියකු නුවරඑළිය පොලිසිය මඟින් පෙරේදා 
අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රම්බොඩ, ජනපදගම පදිංචි 33 හැවිරිදි රත්නවීර තෙන්නකෝන් නමැත්තෙකි. මොහුට අනුබල දීම සම්බන්ධයෙන් එම බස් රථයේ කොන්දොස්තර වන කඳපොළ, සමර්හිල්වත්තේ පදිංචි කාසි විශ්වනාදන් නමැති 31 හැවිරිදි අයකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු

විවාහකයකු බව කියයි.

මහනුවර - නුවරඑළිය මාර්ගයේ ධාවනය කෙරෙන මගී බස් රථයක් වන මෙය ඉකුත් 30 වැනි දින රාත්‍රියේ නුවරඑළිය නගරයේ මහනුවර පාරේ රජගෙදර ඉදිරිපිට පාළු ස්ථානයක නවතා තබාගෙන මෙම දූෂණය සිදුකොට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නුවරඑළිය පොලිසිය කියයි. මෙම සිසුවිය නුවරඑළිය - ගම්පොළ පාරේ ප්‍රධාන නගරයක පාසලක ඉගෙනුම ලබන අතර ඇය එහි ඉගෙනුම ලබා ඇත්තේ ඒ අසල බෝඩිමක නතර වී සිටය.  ඇය සිද්ධිය වූ දිනද එම බෝඩීමට යෑම සඳහා නුවරඑළිය නගරයේදී මහනුවර බලා යන බස් රථයකට ගොඩ වී සිටීයදී ඇයගේ පරණ පෙම්වතකු යැයි කියන මෙම බස් රියැදුරු ඇයව ඔවුන්ගේ බස් රථයට ගොඩකරගෙන තිබේ.

මහනුවර බලා යන මෙම බස් රථයට ගොඩ වූ ඇය බෝඩිම අසලදී බසයෙන් බැසීමට උත්සාහ කළද බස් රථය එහි නතර නොකොට දිගටම මහනුවර දක්වා ධාවනය කර ඇත. යළි එම බස් රථයෙන්ම ආපසු කැඳවාගෙන එනවිට බෝඩිම අසලින් එම වතාවෙත් බසින්නට නොදී නුවරඑළිය දක්වා කැඳවාගෙන ඇවිත් තිබේ. නුවරඑළිය නගරයේදී බස් රථයේ සිටී මගීන් බැස ගිය පසු බස් රථය මෙම පාළු ස්ථානයට රැගෙන ගොස් නතර කළ පසු රියැදුරු හා සිසු පමණක් බස් රථයේ සිටියදී කොන්දොස්තරද බසයෙන් බැස ගොස් තිබෙන බව හෙළිව ඇත.

පසුදින උදයේම මෙම සිසුවිය බොඩීමට යනවිටත් අතුරුදන්වීම දැනගත් ඇගේ මව බෝඩිමට පැමිණ තිබේ. එහිදී ඇය රැය කොහේ සිටියාදැයි කරන ලද විමසීමට අනුව මෙම සිද්ධිය පැවැසීමෙන් පසු මව විසින් නුවරඑළිය පොලිසියට ඒ ගැන පැමිණිලී කර තිබිණි. නුවරඑළිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් චන්දන බස්නායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රදීප් මහතා විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි..වෛද්‍ය පරීක්ෂණයකට භාජන කිරීම සඳහා සිසුවිය මේ වනවිට නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට ඇත.
-චන්ද්‍රසිරි මහගම-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment