සුපිරි ගායක බෝනෝ ට කටහඬ අහිමිව ප්‍රසංගය අතරමග නතර වෙයි


යූ.ටූ කණ්ඩායමේ බර්ලින් සංගීත සංදර්ශනය සුපිරි ගායක බෝනෝගේ කටහඩ පිටවීම එක්වරම නතරවීම හේතුවෙන් අවලංගු කිරිමට සිදුවූයේ ඔවුන්ගේ රසික, රසිකාවියන්ගේ බලාපොරොත්තු කඩ කරමිනි. මෙම
අයර්ලන්ත කණ්ඩායම ගීත

කිහිපයක් ගයා අවසන්වත්ම එකවරම සභාව ඇමතු බෝනෝ කියා සිටියේ තවදුරටත් තමාට ගායනා කළ නොහැකි බව හා එය රසිකයන්ට කරන අසාධාරණයක් බවය. මර්සිඩිස් බෙන්ස් ක්‍රීඩාගාරයට රැස්ව සිටින්නන් මද විවේකයක් ලබා ගත් අතර, පසුව තවදුරටත් සංදර්ශනය නොපැවැත්වෙන බව ඔවුන්ට දන්වා සිටින ලදී.

ඒ වෙනුවට වෙනත් දිනකදී  සංදර්ශනයක් සුදානම් කරන බවට බෝනෝ පොරොන්දු විය. ඇතැම් රසිකයන් පවසා සිටියේ වේදිකාවට දුම් එවීමට භාවිතා කළ යන්ත්‍ර විසින් තම කටහඬට බලපෑමක් කළ බවක් බෝනෝ පවසා සිටි බවය. සංදර්ශනයට පෙර බෝනෝගේ කටහඬ හොඳම තත්වයේ තිබූ බවත් බර්ලින් නගරයේ තම දෙවන රැයට ඉතා උනන්දුවෙන් සියලුදෙනා සූදානම් වූ බවත් ගීත කිහිපයක් ගායනා කිරීමෙන් පසු ඔහුගේ කටහඩ සම්පුර්ණයෙන්ම අවුල් වු බවත් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. සිදු වූයේ කුමක්දැයි නොදන්නා බවත්, වෛද්‍ය උපදෙස් පතන බවත් ඔවුහු වැඩිදුරටත් කියා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment