රූපවාහිනී සංස්ථාවේ නව ප්‍රවෘත්ති සහකාර අධ්‍යක්ෂක, සංජය.




ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව ප්‍රවෘත්ති සහකාර අධ්‍යක්ෂක ධූරයට මාධ්‍යවේදී සංජය ලියනගේ මහතා පත්කර ඇතැයි වාර්ථා වේ.

රූපවාහිනී සංස්ථා ආරංචි මාර්ග අනුව ඒ මහතා අද (05) දින වැඩ භාර ගැනීමට නියමිත අතර ඔහු, මෙරට ජාතික පුවත්පත් ගණනාවක මාධ්‍යවේදියෙකු, විශේෂාංග කතෘවරයෙකු, ව්‍යාපාර කතෘවරයෙකු ලෙස සේවය කර තිබේ.

දෙසතියට මොකද වුණේ?

සංජය ලියනගේ මහතා මීට පෙර "දෙසතිය" සඟරාවේ කතෘවරයා ලෙස පත්කර තිබුණ ද එම තනතුරේ වැඩභාරගෙන තිබුණේ නැත.

මේ සම්බන්ධයෙන් විමසීමට අප ඒ මහතා සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද එය සාර්ථක වුයේ නැත.

එසේම ස්වාධීන රුපවාහිනී සේවයේ නිෂ්පාදකවරයෙක් ලෙසත් කලක් සේවය කල ඔහු News Tube වෙබ්අඩවියේ කතෘවරයා ලෙස ද කටයුතු කර තිබේ.

Info Sri Lanka News ආරම්භක කතෘවරයා වුයේ ද සංජය ලියනගේ මහතායි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment