බිරිඳ රට, දරු තිදෙනා තනිවෙයි! : ජනබලයට ආ ජගත් ඇවිදගන්න බැරුව මියයයි.



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මගින් පෙරේදා (05) කොළඹදි සංවිධානය කර තිබු ජන බල මෙහෙයුමට සහභාගි වු හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.

39 හැවිරිදි ජගත් විමසුරිය නැමති මරණකරු වෘත්තියෙන් හැටන් කොළඹ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකි.

ජනබලය විරෝධතාවයට සහභාගි විම සඳහා මිතුරන් කිහිපදෙනෙකු සමග කොළඹට පැමිණ මාලිගාවත්තේදී බස් රථය නතර කර මිතුරන් සමග ලෙක් හවුස් වටරවුම දක්වා පාගමනින් යන අතරතුර තමන්ට අසනිප බවත්, එම නිසා යලිත් තමන් බස් රථයට යන බව පවසා ඔහු ගිය ආපසු බව ඔහුගේ මිතුරෙකු කියා සිටියේය.

පෙරේදා පස්වරු 6.15 පමණ යලිත් බස් රථයට පැමිණ පරික්ෂා කිරිමේදි මරණකරු බස් රථයේ අසුනක් මත වැටි සිටි බව ඔහුගේ මිතුරා දැක ඇත.

ඔහුගේ බිරිඳ ගෘහ සේවය සදහා විදේශගත වි ඇති අතර ඔහුට පිරිමි ළමුන් දෙදෙනෙකු සහ වයස අවුරුදු පහක ගැහැණු ළමයෙකුද සිටියි.

මිය ගිය අයගේ මෘත දේහය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණ ඊයේ (06) සිදු කිරිමට නියමිතව තිබිණි.

(නෙත් නිව්ස්)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment