ගෝවින්දා ජුහී සායිෆ් ශිල්පා සමග හිරු රන් සිනමා සම්මාන ඔක්තෝබරයේ

ආසියානු  මාධ්‍ය ජාලය මගින් පවත්වන හිරු golden film Awards 2018 සම්මාන රාත්‍රිය මේ වසරේදීත් සංවිධානය කර පවත්වන බව පසුගියදා පැවති ප්‍රවත්පත් සාකච්ඡාවකදී අනාවරණය කෙරිණි.
පසුගිය වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී මෙම සම්මාන රාත්‍රිය  පැවති අතර මෙවර 2018
ඔක්තෝබර් 27 වැනිදා

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.මෙවර බොලිවුඩ් සිනමා  සුපිරි තරු වන ගෝවින්දා,ජුහී චවුලා,සාහිෆ් අලී ඛාන්,ශිල්පා ෂෙට්ටි,සිද්ධාර්ථ මල්හෝත්‍රා,සරීන් ඛාන් මෙයට සහභාගී වීමට නියමිතය.
 2016 - 2017 වසර තුළ මෙරට තිරගත වූ චිත්‍රපට 50ක් සහ කෙටි චිත්‍රපටය 150ක් විනිශ්චයට ලක්වන අතර, එහිදී කලාත්මක, ජනප්‍රිය සහ විශේෂ ලෙස සේමාන 40ක් පිරීනැමීමට නියමිතය.
එමෙන්ම ජනප්‍රිය සම්මාන සඳහා සුදුස්සන් ජනතා මනාපයෙන් තෝරා ගැනීමට නියමිතය.මෙය කෙටි පණිවිඩ සේවාව මගින් මෙන්ම  වෙබ් මාධ්‍ය මගින්ද ලබාදීමට ජනතාවට අවකාශය ලබා දී තිබේ. කෙටි චිත්‍රපට ලබා ගැනීමද මේ වන විට ආරම්භ කොට ඇත.

-හංස ගීතික ඉදිකැටිය-


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment