මෙවර අයවැයෙන් වැටුප් වැඩිවීමක්?



ලබන නොවැම්බර් මස ඉදිරිපත් කරන අයවැය ‍ලේඛනය මගින් සියලු රාජ්‍ය සේවාවන්හි වැටුප් වැඩි කිරීමක් සිදුවිය හැකි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය සඳහා පත් කර ඇති කොමිසමේ නිර්දේශවලට අනුවය.

එදා මෙදා තුර සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් එකවර සමාලෝචනය කරන අවස්ථාව මෙය බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම විශේෂ වැටුප් කොමිසමේ වාර්තාව ඔක්තෝබර් මස මැදදී ජනාධිපතිවරයා වෙත බාර දීමට නියමිතව ඇති බව මුදල් අමාත්‍යාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

 එමෙන්ම නව වැටුප් කොමිසම සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය සඳහා රාජ්‍ය සේවා වෘත්තීය සංගම්, රාජ්‍ය සංස්ථාපිත මණ්ඩල ආදී රාජ්‍ය සේවාවන්හි සියලු අංශ නියෝජනය කරන කණ්ඩායම් වලින් ඔවුන්ගේ අදහස් යෝජනා ලබාගැනීමට පියවර ගෙන ඇති බවද එමගින් සමස්ත රාජ්‍ය සේවයටම සාධාරණ වැටුප් සංශෝධනයක් සිදු කෙරෙනු ඇති බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය.

මෙම වැටුප් කොමිසම මගින් දුම්රිය සේවාවේ හා තැපැල් සේවයේ පවතින වැටුප් විෂමතා පිළිබඳව විශේෂයෙන් අධ්‍යයනය කිරීමට නියමිත බවද ඉහත ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

මේ අනුව දුම්රිය සේවක වැටුප් වැඩි කිරීමක් සිදුවුවහොත් ඒ අනුව ඒකාබද්ධ රාජ්‍යය සේවාවන්හි සියලු අංශවල වැටුප් වැඩි කිරීමට සිදුවන බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය.

(ලක්බිම)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment