අද (01) සිට මිල අඩු කරන අධි මිල ඖෂධ 10 සහ වෛද්‍ය නිෂ්පාදන 15

ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක්, තෝරා ගත් ඖෂධ නිෂ්පාදන 13 ක සහ වෛද්‍ය උපකරණ 02 ක මිල නියාමනය සැප්තැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක ටෙන්ඩර් මිල පාලනයකට ලක්කර තිබේ. තෝරා ගත් ඖෂධ වර්ග 13 ක උපරිම සිල්ලර මිල නියාමනය කර ඇති අතර දියවැඩියා රෝගීන් භාවිත කරන රුධිර ග්ලුකෝස්මාපක සහ රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු යන වෛද්‍ය උපකරණවල උපරිම

සිල්ලර මිල මෙලෙස නියාමනය කර ඇත. තෝරා ගත් ඖෂධ වර්ග 13 තුල ජිවිතාරක්ෂක ප්‍රතිජීවක, ස්නායුගත රෝග ඖෂධ, ඉන්සියුලින් ඇතුලු දියවැඩියා ඖෂධ, ඇදුම රෝගය සදහා භාවිත කරන ඖෂධ, ස්නායු රෝග ඖෂධ,, අපස්මාර රෝග ඖෂධ සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධ සදහා භාවිතා කරන ඖෂධ ඇත.
මෙම මිල නියාමනයට අදාල ගැසට් පත්‍රය ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම මිල නියාමන ගැසට් පත්‍රය සකස් කර ඇත. මිල නියාමන ගැසට් පත්‍රයට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (31) පෙරවරුවේ අත්සන් කරන ලදි.
මිල අඩු කරන ලද ඖෂධ 10 ඖෂධ නිෂ්පාදන 13  වෛද්‍ය උපකරණ 02 පහත පරිදිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment