23 හැවිරිදි පොලිස් නිලධාරිනිය නිවස තුළදිම ගිනි ගෙන මිය යයි

පානදුර වළාන දූෂණ මර්දන අංශ‍යට අනුයුක්තව සේවය කළ 23 හැවිරිදි කාන්තා පොලිස් කොස්තාපල් වරියක් හාලි ඇල ජගුල්ල පිහිටි සිය නිවස තුලම අභිරහස් ලෙස
ගිනි ගෙන මිය යාමේ සිද්ධියක් අද වාර්තා විය.

නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී අසල්වැසි ඥාති නිවසක දානයකට සහභාගී වී ඇති ඇය තම පෙම්වතාට යැයි පවසා දානගෙදරින් දානය පාර්සලයක්ද රැගෙන  දවල් ගෙදර ගිය බවත් පසුව එම නිවසේ ගින්න වාර්තාවූ බවත් අසල්වැසියන් පවසා ඇත.
මෙය සියදිවිනසාගැනීමක්ද යන්න ගැන තවම තහවුරුවී නැත.
නිවසේ ඇතිවූ ගින්න නිසා ඇය එම ස්ථානයේදීම මරණයට පත්වූ බව හාලිඇල පොලිසිය සඳහන් කරයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ චන්දිමා ප්‍රයදර්ශනි චන්දුසේකර නමැත්තියකි.
නිවස තුලින් ගින්නක් පැතිරයනු දුටු අසල්වැසියන් වහාම ගොස් සොයා බැලූ මුත් ඒ වනවිටත් ඇය ගිනි ගෙන පිලීස්සී තිබුණ බව කියැවිණි. ගින්නෙන් නිවසේ   සිවිලමට හා බඩු බාහිරාදියටද හානි සිදුව තිබුණි.
පොලිසිය මේ ගනැ පරීක්ෂණ අරඹා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment