වසරකට පසු මාලිංගට ක්‍රිකට් වරම්


වසරක පමණ කාලයක් ජාත්‍යන්තර තරගවලට සහභාගි නොවූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබෙයි.

ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ නම්

කළ සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර ඇති බවයි.
පසුගිය වසරේ සැප්තැම්බර් 3 වනදා ඉන්දියාව සමග පැවති එක්දින තරගයෙන් පසු මාලිංග එක්දින ජාත්‍යන්තර තරග සදහා සහභාගි වී නැත.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කළ සංචිතයට නායක ඇන්ජෙලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා සහ අකිල ධනංජය ද ඇතුලත්ය.
දිල්රුවන් පෙරේරා, අමිල අපොන්සු, කසුන් රාජිත, සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනු ඇත.
අතිරේක ක්‍රීඩකයන් ලෙසට ශෙහාන් මදුෂංක, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, ශෙහාන් ජයසුරිය සහ නිරෝෂන් දික්වැල්ල නම්කර තිබෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පෙරේදා (30) රැස්වී ඇති අතර එහිදීයි ආසියානු කුසලානය සඳහා මෙම සංචිතය නම්කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment