ජනපති කාර්යාල මුරපළේ ඕඅයිසී ගුටි කා රෝහලේ

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පොලිස් මුරප්පෙළේ ස්ථානාධිපති තනතුර දරන ප්‍රධාන
පොලිස් පරීක්‍ෂකවරයා කඩුගන්නාව ඌරපොළ ප්‍රදේශයේදී පහරකෑමකට ලක්ව මහනුවර ශික්ෂණ රෝහලේ
ප්‍රතිකාර ලබමින් පසුවන බව

කඩුගන්නාව පොලිසිය කියයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පහර දුන්නේ යැයි කියමින් පුද්ගලයන් දෙදෙනකු ද එම රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට පහරදීම සම්බන්ධ බවට පැවසෙන පුද්ගලයෙකු සැකපිට අඩංගුවට ගෙන ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ
පොලිස් නිලධාරියා කීය.
පුද්ගලයන් තිදෙනකු පහරදුන් අවස්ථාවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ආත්ම ආරක්ෂාව පතා පෙරළා පහරදී ඇති බව පොලිසිය පවසයි. දෙපාර්ශවය අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් පසු එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව පොලිසිය කියයි. මහනුවර මූලස්ථාන පොලිසිය සහ කඩුග නොව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment