පාර්ලිමේන්තුට අළුත් පුටු මිල දී ගැනිමේ කතාව කෙප්පයක්ලු

පාර්ලිමේන්තුවට  අළුතින් පුටු 232 ක් මිලදී ගැනීමට සූදානම් වන බවට ඇතැම් මාධ්‍යයන්හි පල වූ පුවත මුළුමනින්ම සත්‍යයෙන් තොර පදනම් විරහිත  කරුණක් බව කථානායක මාධ්‍ය අංශය දන්වා තිබේ. පාර්ලිමේන්තු සභාගර්භයේ බිම ඇතිරිල‍ි වෙනස්

කිරීමේ අවශ්‍යතාවයක්ද නැති බවත්

ආසන සහ  අනෙකුත්  සියළු උපකරණ කිසියම් ‍‍‍‍ඓතිහාසික   වටිනාකමක්  සහිත සංකේතයන් වන බැවින්, එම උපකරණයන්හි කිසියම් වෙනසක්  සිදු  කිරීම හිතුමානපයට නොකරන බවත් ඔවුන් දන්වා ඇත.
 කෙතරම්  පැරණිවුවද  පාර්ලිමේන්තු  සභා ගර්භයේ  අසුන්  වල  යම් අබලන් තත්වයක් පවතීනම් අවම  වියදමකින් අළුත්වැඩියා කිරීම මිස අළුතින් මිලදී  ගැනීම නොකල යුතු බව කථානායකවරයාගේ අදහස බවද අවධාරණය කර  ඇත.
 පාර්මේන්තුවට අළුතින් පුටු මිලදී ගැනීමට සුදනම් වන බවට  පතුරවමින් පවතින පුවත  කිසියම් පාර්ශවයක් විසින් කරුණු
විකෘති කර නිර්මාණය කරන ලද පුවතක්  බවත්, මෙය පාර්ලිමේන්තුවත් එහි නියෝජිතයනුත් අපකීර්තියට පත් කිරීමේ අරමුණින් ද්වේශ සහගත  ලෙස  මාධ්‍ය උපයෝගී කර ගනිමින් සිදුකල පහත් ක්‍රියාවක්  බවත් කථානායක මාධ්‍ය අංශය දන්වා සිටී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment