මහරගම සභාපති “සර්” විදුලි කාර්මිකයින්ගෙන් සමාව ගනී


 මහරගම නගරාධිපති එහි විදුලි කාර්මික සේවකයින් රාජකාරී වේලාව තුළ බීමත්ව සිටියේ
යයි කුපිතවී පහරදීමක් සිදු කිරීම නිසා පසුගියදා ආන්දෝලනයක් ඇතිවූ අතර මේ හේතුවෙන් නගර සභාවේ කටයුතු ඇණ හිටියා.
 නගර සභා සභාපතිවරයා හා සේවකයින් අතර ඇති වූ  සාමදානයක් නිසා ගැටුම හේතුවෙන් අකර්මණ්‍යව

තිබූ මහරගම නගර සභා සේවාවන් යළි යථා තත්ත්වයට පත්වී තිබෙනවා.
නගර සභා සේවකයින් පැවසුවේ සභාපතිවරයා සිදුවීම සම්බන්ධයෙන් තමන්ගෙන් සමාව ඇයද සිටි බවයි.
කෙසේ වෙතත් එම ස්ථානයේ තිබූ මාධ්‍ය කැමරාවක සටහන් වූයේ අදාළ සේවකයින් සභාපතිවරයා වෙත ගොස් වැඳ නමස්කාර කරන ආකාරයයි.
මේ සම්බන්ධයෙන් සභාපතිවරයාගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ දෙපාර්ශවයෙන්ම වැරදි සිදු වූ නිසා දෙපාර්ශවයම එකිනෙකාගෙන් සමාව ගත් බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment