ඊයේ රෑ සිට මිල සුත්‍රය අනුව පෙට්‍රල් මිල 4 කින් ඩීසල් 3 ක් හා 5 කින් ඉහළට


ඉන්ධන මිල සුත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යළි ඉහළ දමා තිබේ. ඒ අනුව පෙට්‍රල් මිල රුපියල් 4 කින්ද ඩීසල් 3 කින් හා 5 කින්ද ඉහළ දමා ඇත.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4.00 කින් ඉහළ දමා ඇති බවයි.ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 149.00 කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක

නව මිල රුපියල් 161.00 ක් වනු ඇත.
ඉන්ධන මිල සුත්‍රයට අනුව සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින් ඉහළ දමා තිබේ.
රුපියල් 130.00 ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 133.00 ක් වනු ඇත.
ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 5.00 කින් ය.
ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 123.00 ක් වන බව ද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ලෝක වෙළෙඳපොළේ මිල වෙනස්වීමට අනුකූලව මිල සංශෝධනය කෙරෙන ඉන්ධන මිල තීරණය කරන කමිටුව ඊයේ පස්වරුවේ රැස්වී මෙම තීරණය ගෙන ඇත.
සෑම මසකම 10 වන දා මෙම කමිටුව රැස්වන අතර එහි දී ඉන්ධන මිල වැඩි වනවා ද නැද්ද යන්න තීරණය කරනු ඇති. මේ අතර ලංකා IOC සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 123.00 ක් වනු ඇත.
යුරෝ ෆෝ වර්ගයේ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 133.00 කි.ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 150.00 ක්.
ඔක්ටේන් 95 යුරෝපා ෆෝ වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 164.00 ක් වනු ඇති.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment