ගණේමුල්ල දුම්රිය මාර්ගයේ ගැහැණු-පිරිමි මළ සිරුරු දෙකක්

ගණේමුල්ල දුම්රියපොළ හා බුලුගහගොඩ දුම්රියපොළ අතර දුම්රිය මාර්ගයේ තිබී පිරිමි හා කාන්තා මළ සිරුරු දෙකක් ගණේමුල්ල පොලිසිය විසින් පෙරේදා (08දා)  රාත්‍රි 10.30ට පමණ සොයා ගන්නා ලදී. 119
දුරකථනයට ලැබුණු

ඇමතුමක් අනුව මෙය සොයාගත් බව පොලිසිය පවසයි. මොවුන් දෙදෙනා දුම්රියට හසුවී මිය ගොස් ඇති බවට පෙනුමෙන් තහවුරු වුවද කුමන දුම්රියට හසුවුදු කීයට එය සිදුවූයේද යන්න පිළිබඳ තොරතුරු නැතැයි පොලිසිය පවසයි.

ඔවුන්ගේ හැඳුනුම්පත් පොලිසියට ලැබී ඇති අතර දෙදෙනාම 1995 වර්ෂයේ ඉපදී ඇත. තරුණයා ඉඟුරුඔය ගලබඩ නාවලපිටිය පදිංචි මූනමල්ගහවත්තේ ගෙදර දීපාල් සඳරුවන් හා වදගහඋල්පත වැලිමඩ පදිංචි හේරත්   මුදියන්සේලාගේ රුවන්ති වත්සලා කුමාරී නමැති දෙදෙනෙකි.සිරුර ගම්පහ රෝහලේ
තැන්පත් කර තිබේ. මරණයට හේතුව පොලිසිය  තවම තහවුරු කරගෙන නැත.
      -දොන් විතානආරච්චි-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment