කර්නල්ගේ පුතාට පහර දුන්නාට සිසුන් දෙදෙනෙකුට පහරදී දණගස්සලා


පානඳුර මහවිල අමතර පන්තියක් අසලදී කර්නල්වරයකුගේ පුතෙකුට පහරදුන් බව කියන සිසුන් දෙදෙනකුට පහරදී ඔවුන් කාණුවකට රිංගවා දණ ගැස්සූ බව කියන යුද හමුදා

කෝප්‍රල්වරයකු පෙරේදා (8) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතර කර්නල්වරයාගේ පුතාද සිටින බව පොලිසිය කියයි.
මොවුන් තිදෙනාම පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක

ඉගෙනුම ලබන අතර පාසලේදි ඇතිවූ බහින්බස් වීමක් පෙරේදා (8) අමතර පංතිය නිමවීමෙන් පයු යළි මතුවී දෙපාර්ශ්වයේ ගැටුම හටගෙන ඇති බව පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී
හෙළිවී ඇත. එහිදී කර්නල්වරයාගේ පුතාගේ හිසට තුවාල සිදුවී ඇති අතර ඔහු රැගෙන යාම සඳහා පැමිණි කර්නල්වරයාගේ රියැදුරු කෝප්‍රල්වරයාට සිසුන් කිහිප දෙනකු පෙන්වා ඔවුන් පහර දුන් බව කර්නල්වරයාගේ පුතු පවසා ඇතැයි පොලිසිය කියයි. එම අවස්ථාවේ සැකකාර
කෝප්‍රල්වරයා ඔහු සමග පැමිණි බව කියන තවත් පුද්ගලයකු සමග එක්වී එම සිසුන්ට පහරදී තර්ජනය කර පහරදි කාණුකට රිංගවා අනතුරුව දණ ගස්සවා ඇතැයි පොලිසිය කියයි.
පසුව එය දුටු මව්පියන් තුවාල ලද සිසුන් පානදුර මූලික රෝහල කරා යොමුකර
පොලිසියට පැමිණිලි කර තිබූ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය.  පහරදීමෙන් තුවාල ලද සිසුන්ට නැවතත් පහරදිම සඳහා සැකකාර කෝප්‍රල්වරයා පානඳුර මූලික රෝහල අසලට පැමිණ සිටින බවට පානදුර පොලිසියට ලද තොරතුරක් අනුව සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් එහි ගිය අවස්ථාවේ සැකකාර කෝප්‍රල්වරයා ස්ථානාධිපතිවරයා අසලට පැමිණ "තමන් මා කවුද දන්නවාද” යැයි පවසා මහනුවර ප්‍රදේශයේ හමුදා කඳවුරක කර්නල්වරයකුගේ නමක්ද පවසා ඇතැයි පොලිසිය කියයි. ඒ සමගම සෙසු නිලධාරීන් කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරීයෙක් පැවසීය.
තුවාල ලබා සිසුන් තිදෙනා පානදුර මූලික රෝහලේ අංක එක වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය. සැකකාර කෝප්‍රල් පානදුර අධිකරණයට ඉදිරීපත් කිරීමට නියමිතය.

( බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment