ධම්මික ලංකා සෙරමික් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි.



කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ලංකා සෙරමික් පීඑල්සී හි සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ ධම්මික පෙරේරා මහතා, අදාළ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මේ අනුව 2018 අගෝස්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරුවලින් ඒ මහතා ඉවත් වී ඇත.

ධම්මික පෙරේරා මහතාගේ මෙම ඉවත් වීමත් සමඟම සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා වන ඒ.එම්. වීරසිංහ මහතා ලංකා සෙරමික් පීඑල්සී හි නව සභාපතිවරයා වශයෙන් පත්ව තිබේ.

ලංකා සෙරමික් පීඑල්සී හි 73.5% ක කොටස් හිමිකාරීත්වය රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සතුවන අතර රෝයල් සෙරමික්ස් හි 55.96% ක කොටස් හිමිකාරීත්වය වැලිබල් වන් පීඑල්සී සතු වේ. වැලිබල් වන් පීඑල්සී හි 63%ක පරම කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා මහතා සතුව පවතී.

වැලිබල් වන් පීඑල්සී හා රෝයල් සෙරමික්ස් පීඑල්සී යන සමාගම් දෙකේම සභාපතිවරයා වන්නේ ධම්මික පෙරේරා මහතා යි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment