නෙවිල් ප්‍රනාන්දු රෝහල ගුවන් හමුදාවට.



සයිටම් වෛද්‍ය පීඨයේ දීර්ඝ කාලයක සිට පැවති අර්බුදයට පිළියමක් වශයෙන් එහි අධ්‍යාපනය ලබමින් සිටි 900 කට ආසන්න වෛද්‍ය සිසුන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කරනු ලැබ තිබේ.

සයිටම් වෛද්‍ය පීඨයට අනුබද්ධව ක්‍රිවාත්මක වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා ගැනීම පිළිබඳව ඉදිරිපත් වී ඇති යෝජනාව සැලකිල්ලට ගෙන මේ සම්බන්ධයෙන් සාකච්ඡා සම්මුති පැවැත්වීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment