රත්මලානේ කුඩු මංජුගේ ගෝලයා කුඩු බේබි මාට්ටු


රත්මලාන ප්‍රදේශයේදී කුඩු අංජුගේ ප්‍රධාන ගෝලයෙක් වන බේබි නමැත්තා ගල්කිස්ස පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ගල්කිස්ස පොලීසියට ලැබුණු තොරතුරකට අනුව
28 වැනි දින අලුයම කරන ලද

විශේෂ මෙහෙයුමකින් සැකකරු පොලිසියට කොටු කර ගැනීමට හැකිවී තිබේ. මොහු අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී මොහු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 800ක් පොලිසිය සොයාගනු ලැබීය.

සැකකරු වයස අවුරුදු 33ක් වන රත්මලාන දුම්රියපොළ පාරේ පදිංචි දැඩි ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වූවෙක් බව ගල්කිස්ස පොලීසිය පවසයි.  අතරමැදියකු ලෙස හෙරොයින් වෙළදාමේ යෙදෙන මොහු දිනකට පැකට් 80ක් අලෙවි කළ විට කුඩු ලබා දෙන පුද්ගලයා සැකකරුව කුඩු පැකට් 4ක් ලබාදෙන බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 4ක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

-ජානක ගෝමස්-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment