ඉතාලියේදී කොන්ගෝ ජාතික දැරියට අතවර කළ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට

ඉතාලියේ මිලානෝ නගරයේදී විදේශීය බාලවයස්කාර දැරීයකට අතවර කිරීම් සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට 40 හැවිරිදි ලාංකිකයකු 28දා අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මිලානෝ නගරයේ පිහිටි උද්‍යානයක

තවත් පිරිසක් පසුගිය (27දා) සවස විනෝද වෙමින් සිට ඇති සැකකරු ඒ අසලින් ගමන්ගත් මම කොන්ගෝ ජාතික දැරිය සමග කතාබහ කර කුළුපග වී පසුව ඇයට අතවර කර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බීවට එරට පොලීසිය පැවසු බව එරට මාධ්‍ය වාර්තා කරයි.

දැරිය නිවසට පැමිණීම ප්‍රමාදවීම පිළිබඳ ඇගේ දෙමවුපියන් විසින් කළ සොයාබැලීමේදී සිද්ධිය පිළිබඳ අනාවණය වී ඇති අතර, අනතුරුව ඔවුන් විසින් පොලීසියට කළ දැනුම් දීමක් මත සැකකාර ලාංකිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

අතරවරයට ලක් වූ බවට සැකකරන දැරිය පරීක්ෂණ සඳහා මිලාන් නගරයේ මංජගාලී රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.  මෙවන් සිදුවීම් තමන්ට විශාල හානියක් ගෙන දෙන බව එරට ලාංකීක සංවිධාන පෙන්වා දෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment