ගිණි ගණන් කොච්චියට සෙනඟ නෑ : ධාවනය ඇන හිටියි!



පින්නවල අලි අනාථාගාරය නැරැඹීමට යන දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා සංචාරක අමාත්‍ය බලධාරීන්ගේ ඉල්ලීම මත පෙරේදා (25දා) ආරම්භ කරන ලද ගල්කිස්සේ සිට රඹුක්කන දක්වා ධාවනය වූ හිටාචි විශේෂ සංචාරක දුම්රියට මගීන් කිසිවකු නොපැමිණීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනය කිරීම අත්හිටුවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඇම්.ජේ. ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

පෙරවරු 6.30ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා පෙරවරු 10.11ට රඹුක්කන දුම්රිය ස්ථානයට ළඟා වන මෙම විශේෂ දුම්රියට පෙරේදා මෙන්ම ඊයේද කිසිදු මගියකු නොපැමිණීම නිසා එය මෙසේ අත්හිටුවීමට සිදුව ඇත.

ගල්කිස්ස සිට රඹුක්කන දක්වා ගොස් ආපසු ඒමට රුපියල් 6,000ක ගාස්තුවක් අය කිරීම දේශීය සංචාරකයන්ට දරාගත නොහැකි බවත් එහෙත් විදේශ සංචාරකයන්ට එය එතරම් ප්‍රශ්නයක් නොවූවද ඔවුන්ද කිසිවකු නොපැමිණි බවද හෙතෙම පැවැසුවේය.

මහනුවර දක්වා මෙම දුම්රිය ධාවනයට යොදවන්නේ නම් ප්‍රමාණවත් විදේශ සංචාරකයන් බලාපොරොත්තු විය හැකි මුත් හිටාචි විශේෂ දුම්රිය රඹුක්කනින් ඔබ්බට ධාවනය කිරීමට හැකියාවක් නොමැති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment