මාව කැපුවෙ කට වැඩි නිසා නෙමෙයි - ලසිත් මාලිංග

තමාගේ පන්දු යැවීම සම්බන්ධයෙන් දක්‍ෂතා දක්‌වමින් බලධාරීන්ට නිතරම පීඩනය එල්ල කළ බව වේග පන්දු
යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

මාස 16 කට පසුව ශ්‍රී ලංකා සංචිතයට එක්‌වූ මාලිංග ආසියානු කුසලානට පිටත්ව යැමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී මෙම අදහස්‌ පළ කර සිටියේය.

 ''මම දිගටම ක්‍රීඩා කරගෙන හිටියා. මම පන්දු යවන විදිහ ගැන බලධාරීන්ට ''ප්‍රෙෂර්'' එක දාගෙන හිටියා මගේ දක්‍ෂතා ගැන. අවසානයේදී මට අවස්‌ථාවක්‌ ලැබුණා යළිත් ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කරන්න.''

 ලසිත් මාලිංගගේ ඇතැම් වාග් ප්‍රහාර හේතුවෙන් ඔහුට කණ්‌ඩායමේ ස්‌ථානය අහිමි වූ බවට නැගූ පැනයට ඔහු මෙසේ පිළිතුරු සැපයීය. '''ක්‍රීඩකයකු විදිහට වැදගත් ක්‍රීඩා කරන ආකාරය. මම මේ වෙලාවෙ ක්‍රීඩකයෙක්‌. මගේ අරමුණ අනිත් ක්‍රීඩකයන් පහළොස්‌ දෙනාත් එක්‌ක ශ්‍රී ලංකා ක්‍රිකට්‌
රැක ගැනීම පමණයි. ඒ නිසා මම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙනුවෙන් කතා කරන එක නවත්වන්නේ නැහැ. ඒ කතා කරන දේවල් බාහිරින් බලලා අර පොත්ත අතගාලා අරටුව ගැන කියන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නෙ.''
තමා ක්‍රිකට්‌ වලින් පිට කිසිදෙයක්‌ කතා කර නැති බවත් මීට අවුරුද්දකට පෙර කියු දේවල් ඔප්පුවී
තිබෙන බවත් ලසිත් මාලිංග වැඩිදුරටත් පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment