ජනපති ''බල්ලෙකුට කන්න බැහැ'' කියූ කජු ශ්‍රී ලංකන් ඉවත් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කජු ලබාදීම තාවකාලිකව
අත්හිටුවා තිබේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කජු " බලෙකුටවත් ආහාරයට ගැනීමට නොහැකි බව මහජන හමුවකදී පැවසීමට ප්‍රතිචාර වශශයනි.

කජු තොග ඉවත් කරන බවත්,

ශ්‍රී ලංකන් ගුවන් සේවයට කජු ලබාදුන් ඩුබායි සැපයුම්කරුවන් වෙනස් කිරීමටද සමාගම කටයුතු කරන බවත් එම සමාගම සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය අතිවිශාල අලාභයක් යටතේ පවත්වාගෙන යන අතර, එහි සිදු වන අක්‍රමිකතා සෙවීමට ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කොමිසමක්ද පත්කර තිබේ. එමිරේට්ස්ස් සමාගම යටතේ පාලනය වූ ශ්‍රී ලංකන් ගුවන් සේවය 2008 වසරේදී නැවතත් ශ්‍රී ලංකාවට පවරාගත් අතර, පසුව එහි සභාපති තනතුර සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ මහතා පත් කෙරිණි. කෙසේ වෙතත් ඉන් අනතුරුව සමාගම දැවැන්ත අලාභයක් කරා ගමන් කළේය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment