බිරියගේ හොර හොයන්න සැමියා ඇගේ යෙහෙළිය එක්ක සබඳතාවක් අරඹලා

තම බිරිය වෙනත් පුරුෂයෙකු සමඟ සම්බන්ධතාවක් ඇති බවට තොරතුරු ලැබිමත් සමග එය සොයා බැලීමට සිතු පුද්ගලයකු එය පහසු කර ගැනීම සඳහා බිරීයගේ හොඳම යෙහෙළිය සමඟ මිත්‍රවිය. ඊට හේතු වූයේ බිරියගේ යෙහෙළිය බිරිය ගැන නොදන්නා දෙයක් නොමැති වීමය. ඒ දෙදෙනා හොඳ යහළුවෝය. බිරීයගේ අනියමි සම්බන්ධතා ගැන හොඳින් බිරීයගේ යෙහෙළිය දන්නවා යැයි සිතා ඔහු මෙම යෙහෙළිය  සමග
මිත්‍රත්වය ගොඩනඟා ගන්නේ කෙසේ දැයි කල්පනා කළේය. මෙය පමා කළ යුත්තක් නොවන බැවින් සිතා වහ වහා ඔහු ඇය අසලට ගොස් එක  ඇසක් පියා ඇසක් ගසමින් ඉඟියක් කර ඇත.
මෙම ඉඟි කිරීමට අනුව බිරියගේ යෙහෙළිය මෙම පුද්ගලයා සමඟ මිත්‍රත්වයක් ගොඩනගාගෙන ඇත.

මිත්‍රත්වය කොතෙක් දුරට දුරදිග ගොස් ඇත්තේද යන්න බැලීමේදී ඔවුන්  අඹුසැමි සබඳතා පවා පැවැත්වූ තරමටම මිත්‍රත්වය ගොඩනඟා ගෙන තිබිණි. පසුව සිය බිරියගේ අනියම් සම්බන්ධතා සෙවීම පසෙක දමා ඔවුන් දෙදෙනාගේ සබඳතාව ජයටම පවත්වා ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය විය. මෙම සිද්ධිය දුරදිග ගොස් විසඳා ගැනීමට නොහැකිව අවසානයේ බිරිය හා බිරියගේ අනියම් පුරුෂයාගේ බිරියගේ යෙහෙළියන්, බිරියගේ නීත්‍යානුකුල ස්වාමිපුරුෂයාත්, යෙහෙළියන්ගේ නිත්‍යානුකුල ස්වාමිපුරුෂයාත්, බිරියත්, බිරියගේ අනියම් සැමියාගේ බිරියත් යන හය දෙනාටම ප්‍රශ්නය විසඳා ගැනීමට කොටවිල පොලිසියට පැමිනීමට සිදුවිය.

මෙම ප්‍රශ්නය විසඳීමට නියමිතව තිබුණේ කොටවිල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක හෙට්ටිආරච්චි මහතාටය. මෙම සිද්ධිය එකින් එක දිගහැරෙන විට විමතියට පත් වූ උප පොලිස් පරීක්ෂකවරයා කොටවිල පොලිස් ස්ථානාධිපහි පොලිස් පරීක්ෂක ජානක කෝරලේගේ මහතාගේ උපදෙස් මත මෙම පවුල් තුනටම දැඩිව අවවාද කර සාමදානයට පත් කෙරිණි. එහිදී මෙම පුරුෂයන් තිදෙනා සහ බිරින්දෑවරු තිදෙනා තවදුරත් මෙම අනියසබඳතා අත්හරින බව පවසා පැමිණිල්ල සමදාන කර දෙන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇති අතර සියල්ලන්ගේම ඉල්ලීම මත මෙය සමථයට පත්කර ඇතත් පොලිසිය විසින් නියම කරන දිනවල පොලිසියට වාර්තා කිරීමට ඔවුන්ට සිදුවිය.

-උදය කුමාර රණවීර-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment