මගේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණද නැද්ද හරියට කියන්න - අනෝමා ජනාදරී නඩුමගට


'දැවෙන විහඟුන්' චිත්‍රපටයට ප්‍රදර්ශන සහතික දෙකක් ලබා දීමට රැඟුම් පාලක මණ්ඩලය ගෙන  ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් එම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන අනෝමා ජනාදාරී මහත්මිය ගොනු කළ පෙත්සම ලබන 17 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (03දා) තීරණය කළේය.

''වැඩිහිටියන්ට සුදුසු'' යැයි එක් ප්‍රදර්ශන  සහතිකයක්ද, ''වැඩිහිටියන්ට වඩාත් සුදුසු'' යැයි තවත් ප්‍රදර්ශන සහතිකයක්ද
''දැවෙන විහඟුන්" චිත්‍රපටය සඳහා ලබා දීමට රැඟුම් පාලක මණ්ඩලය ගෙන ඇති තීරණය නීතියට පටහැණි බව පවසමින් එම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන අනෝමා ජනාදරී මහත්මිය

විසින් ගොනු කර ඇති රීට් පෙත්සම සලකා බැලූ අධිකරණය මෙලෙස නියම කළේය.
අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සුරසේන සහ විනිසුරු අර්ජුන් ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.
නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා මගින් ''දැවෙන විහඟුන්'' චිත්‍රපටයේ ප්‍රධාන නිළි අනෝමා ජනාදරී මහත්මිය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති, එහි සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර ඇත.
''දැවෙන විහඟුන්'' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ තමන් බවත්, එම චිත්‍රපටය සඳහා 'වැඩිහිටියන්ට සුදුසු යැයි' එක් ප්‍රදර්ශන සහතිකයක් රැඟුම් පාලක මණ්ඩලය විසින් නිකුත් කර තිබියදී, "වැඩිහිටියන්ට වඩාත් සුදුසු යැයි'' තවත් ප්‍රදර්ශන සහතිකයක්ද ''දැවෙන විහඟුන්'' චිත්‍රපටය සඳහා ලබා දීමට රැඟුම් පාලක මණ්ඩලය තීරණය කර ඇතැයි  පෙත්සමිකාරීය පෙන්වා දී ඇත.
ඒ අනුව රැඟුම් පාලක මණ්ඩලය ගෙන ඇති තීරණය නීතියට පටහැණි බව පෙන්වා දෙන පෙත්සමිකාරිය, එක චිත්‍රපටයක් සඳහා ප්‍රදර්ශන සහතික දෙකක් ලබා දීමට රැගුම් පාලක මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම පෙත්සම ලබන 17 වැනිදා සලකා බැලීමට තීරණය කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment