නවක වදයට එරෙහි සිසු ජන ව්‍යාපාරය : වින්දිතයන් පිළිබඳව තොරතුරු රැස් කරයි!



පසුගිය සමය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පුද්ගලික විශ්ව විද්‍යාල/ උසස් අධ්‍යාපන ආයතන ශිෂ්‍යන්ට එරෙහිව සිදු කෙරුණු අපරාධ, හිරිහැර කිරීම්, අඩන්තෙට්ටම් පිළිබඳව තොරතුරු එක් රැස් කිරීම වෙනුවෙන් අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය ඇතුලු සිවිල් සංවිධාන සහ නවක වදයෙන් වින්දිතයන් බව ට පත්වූ ශිෂ්‍යයන් විසින් 'නවක වදයට එරෙහි සිසු ජන ව්‍යාපාරය' නමින් එකමුතුවක් නිර්මාණය කර තිබේ.

ඝාතනය කෙරුණු, ලිංගික අඬන්තේට්ටම්වලට ලක්වූ සහ විවිධ හිරිහැරයන්ට ලක්වු ශිෂ්‍යයන්ට සාධාරණයක් ඉටු කිරීම, ඔවුන්ට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට වන්දි ගෙවීමේ හැකියාව සොයා බැලීම සහ විශ්ව විද්‍යාල පද්ධතියෙන් නවක වදය සම්පුර්ණයෙන් බැහැර කිරීම අරමුණු කරගෙන මෙම 'නවක වදයට එරෙහි සිසු ජන ව්‍යාපාරය' ක්‍රියාත්මක වීමට නියමිතය.

නවක වදයේ ගොඳුරු බවට පත්වූ පුද්ගලයන්ට තම තොරතුරු මෙම ව්‍යාපාරය වෙත ලබා දිය හැකි අතර මහජනතාව වෙත ද තම අදහස් දැක්වීම සඳහා අවස්ථාව විවර කර තිබේ.

තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ද කටයුතු සලසා තිබේ.

එම අදහස් හෝ තොරතුරු, apesrilankamovement@gmail.com නැමැති විද්‍යුත් තැපෑල ඔස්සේ, www.facebook.com/apesrilanka යන ෆේස්බුක් ලිපිනයෙන් හෝ, '' සභාපති, විමුක්ති දුෂාන්ත, අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය, 19/2, විහාරවත්ත පාර, පතිරගොඩ, නාවින්න, මහරගම.'' යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්ද ලියා දැන්විය හැක.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment