මහරගම සභාපති යලිත් කරලියට : කම්කරුවන්ට බිම පෙරලගෙන පහරදීලා!



මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතා විසින් එම නගර සභාවේ විදුලි අංශයේ කම්කරුවන් සිව් දෙනෙකුට ඉතාමත් දරුණු ලෙස පහරදී ඇතැයි වාර්තා වේ.

විදුලි අංශයේ එම කම්කරුවන් සිව්දෙනා දිනයේ වැඩ අවසන් කිරීමෙන් පසු සිය නිවෙස් බලා යන අතරතුර පන්නිපිටිය “බෝගහ ලඟ රෙස්ටුරන්ට් එක” ලෙස හඳුන්වන ස්ථානයට ගොස් මත්පැන් පානය කරමින් සිට ඇත. මේ බව දැනගත් සභාපතිවරයා එම ස්ථානයට පැමිණ එම කම්කරුවන්ට පහරදී ඔවුන්ව නගරසභාවේ සිය කාර්යාලය වෙත ගෙන ගොස් ඇත.

එහිදී ඔවුන්ව දණ ගස්සවා තිබෙන අතර කාර්යාලයේ දොර අගුළු දමා මෙම කම්කරුවන්ට ඉතාමත් දරුණු ලෙස අතින් පයින් පහරදී තිබේ.

ටිරාජ් ලක්රුවන් සභාපතිවරයා විසින් මීට පෙරද මෙලෙසම මාර්ග අංශයේ කම්කරුවන් පිරිසකට පහරදී තිබෙන අතර එය එම කම්කරුවන් රහස් ලෙස තබාගෙන ඇතත් අද සිදුවී ඇති පහරදීමත් සමග එම සිදුවීමට හෙළිදරව් වී ඇත.

මෙලස මැරයෙකු ලෙස පහරදෙමින් කම්කරුවන්ට දඬුවම් කිරීමට සභාපතිවරයාට කිසිඳු අයිතියක් නැති අතර එය මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්ද වේ. කම්කරුවන් යම් විනය විරෝධී ක්‍රියාවක් සිදු කරන්නේනම් ඒ සඳහා කටයුතු කළ යුතු වන්නේ අදාළ ආයතන සංග්‍රහය අනුවය.

සභාපති ටිරාජ් ලක්රුවන් මහතා කණ්ඩායම යතුරුපැදිය ලකුණෙන් ස්වාධීන කණ්ඩායමක් ලෙස තරඟවැද මහින්ද පිලේ ආශිර්වාදයෙන් මරගම නගරසභාවේ බලය හිමිකරගත් අතර එම කණ්ඩායමේ අපේක්ෂක ලයිස්තුවේ බොහෝ පිරිසක් නගර සභා බල ප්‍රදේශයෙන් පිටස්තර පුද්ගලයන් වීම නිසා එම අපේක්ෂක ලැයිස්තුව බල රහිත කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගවලටද එළඹ තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment