බේරෙ වැව ඉදිරිපිට ලංකාවේ ලොකුම සාප්පු සංකීර්ණය ‘කලම්බු සිටි සෙන්ටර්‘ හෙට සිට


මේ වනවිට ඉදිකිරීම අවසන් කර තිබෙන ලංකාවේ විශාලතම සාප්පු සංකීර්ණය ලෙස
සැලකෙන ‘කලම්බු සිටි සෙන්ටර්‘ හෙට (19) සවස විවෘත කිරීමට නියමිතය. මෙය සාප්පු සංකීර්ණයකට අමතරව සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක්, තරු හෝටලයක් හා ජීවන රටා මධ්‍යස්ථානයක් ලෙසද ඉදිරියේදී පවත්වා යනු ඇත.
දැනට කොළඹ නගරයේ අලුත් අලංකාරයක් මතුකරමින්

කොම්පඤ්ඤ වීදිය හන්දිය අසල ඉදිකරන අඩක් ඇළවුණ ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ල ලෙස ‘කලම්බු සිටි සෙන්ටර්‘ නිර්මාණය වූ අතර බේරේ වැවට මුහුණලා පිහිටා තිබේ. වාහන 196 ක් නවතා තැබිය හැකි අංගනයකින්ද යුත් මෙහි තට්ටු 28 ක සුඛෝපභෝගී නිවාස ඒකක 178 ක් යුතු බවත් පිහිනුම් තටාක, ව්‍යායාම මධ්‍යස්ථාන ඇතුළු සියලු ආකාරයේ නවීන පහසුකම් සහිත බවත් කියැවේ.
සතිය පුරාම විවේකය විනෝදය හා සාප්පු අත්දැකීම් විඳගැනීමට කැමති අයට පරිහරණය කළ හැකි ‘කලම්බු සිටි සෙන්ටර්‘ මෙතෙක් ලංකාවේ ඉදිකළ දැවැන්තම සාප්පු සංකීර්ණය ලෙසද කියැවේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment