‘ජනබලයට ආ අය ශ්‍රීලනිප මුලස්ථානයට හූ කීම අනුමත කරන්න බෑ’ - ඩිලාන්


ජනබලයට සහාභාගී වු ඇතමුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට හූ කිවු එක කිසිසෙත්ම අනුමත නොකරන බවත් එය තමන්ගේ අම්මාට අපහාස කළාට ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

බදුල්ලේ පැවැති

මාධ්‍ය හමුවක දී  ඔහු මෙසේ කීවේය.
හැබැයි හූ කියපු අයට ඇගිල්ල දික්කරන්න මහින්ද අමරවීර මහත්තයාට අයිතියක් නැහැ. සිරිකොතේ වැසිකිලි සෝදන ගමන්  අසූචි කන ගමන් තමයි කාටහට වාතයක් ගියොත් ගදයි කියනේනේ. කොහොම නමුත් පක්ෂ මුලස්ථානය හූ කියපු එක අපි හෙළා දකිනවා.
අපි 16 දෙනා ඒකාබද්ධයේ ඉදගත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂයේ නායකයා හැටියට එතුමාගෙන් අවසර අරගෙන. දුමින්ද දිසානායක මහත්තයා පක්ෂයේ මහලේකම් නොවන නිසා අපි අයින් කරන්න එයාට කොහොමටවත් බැහැ.


පක්ෂයේ දැන් ඉන්න මහ ලේකම්ටත් අපි අයින් කරන්න බැහැ මොකද එතුමා තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අරගෙන නැහැ. ඒ නිසා දුමින්ද දිසානායක මහත්තයා හීන දකිනවා දවාලටත් හීන  දකිනවා.

පාලිත ආරියවංශ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment