ආප්ප මිලත් ඉහලට.



ගෑස් මිල, පිටි මිල හා අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් ඉහළයාම නිසා ආප්පයක මිල රුපියල් 15 දක්වා වැඩි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මෙතෙක් කලක් ආප්පයක මිල රුපියල් 10,12 ආදී මිල ගණන් යටතේ අළෙවි වූ බවත් ගෑස් මිල ඇතුළු පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා ආප්පයක මිල රුපියල් 15 දක්වා වැඩි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ  සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

මේ වන විට ප්ලේන්ටියක මිල රුපියල් 20ක් ද, කිරි තේ එකක මිල රුපියල් 40ක් ද, මාළු බත් පාර්සලයක මිල රුපියල් 140ක් ද වී ඇතැයි හෙතෙම පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment