තෙල් මිල අඩු කිරීමේ උසාවි නියෝගයට පිටුපාපු අය අද 'මිල සූත්‍රය' ගැන කතා කරනවා.
එදා බොර තෙල් බැරලයක මිල අඩු මට්ටමකට වැටී තිබු අවස්ථාවේ උසාවියෙන් මිල අඩු කරන ලෙස ලබා දී තිබු තීන්දුව ක්‍රියාත්මක නොකළ මහින්ද රාජපක්ෂ මහත්තයා අද මිල සූත්‍රය ගැන කතා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ලෝක සිතියමේ ලේ පැල්ලමක් බවට තිබූ ශ්‍රී ලංකාව ඉන් මුදාගෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජාත්‍යන්තර අපරාධකරුවකු බවට පත්වීමෙන් වලක්වා ගත්තේ වත්මන් ආණ්ඩුව බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අමත්‍යවරයා පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයාට ජාත්‍යන්තරයට ගොස් ආණ්ඩුව විවේචනය කරන්නට වුව අවස්ථාව ලැබී ඇත්තේ වත්මන් ආණ්ඩුවට පින්සිදු වන්නට බවයි. එක්සත් ජාතික පක්ෂයේ මාතර කොට්ඨාස බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් අමත්‍යවරයා මේ බව කියා සිටියේ ය. උත්සවය අධ්‍යාපන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) මාතර දී පැවැත්විණි.
0 comments :
Post a Comment