අඹ ගෙඩි 19ක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජානක සමරතුංග මහතා හමුවේ යළි කැඳවූ අවස්ථාවේ සැකකාර කාන්තාව වරද පිළිගන්නා බව ප්‍රකාශ කරනු ලැබුවාය. සැකකාර කාන්තාව තමන් නිවැරැදිකරු බව මීට පෙර අධිකරණයට කීවාය. මෙසේ වරද පිළිගනු ලැබුවේ අනුරාධපුර සාලියපුර ජයන්ති ග්‍රාමයේ අංක 56 ලිපිනයේ පදිංචිකාරියකි. තම ගෙවත්තේ ඇති අඹ ගසකින් අඹ ගෙඩි 19ක් මෙම සැකකාර කාන්තාව සොරකම් කළ බවට අනුරාධපුර සාලියපුර ජයන්ති ග්‍රාමයේ පදිංචි උදේනි පෙරේරා නමැත්තිය අනුරාධපුර මූලස්ථාන පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර කාන්තාව අනුරාධපුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙම පැමිණිල්ල පොලිසිය තුළදීම සමථයකට පත් කර ගන්නා ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරික්ෂක වාස් ගුණවර්ධන මහතා පැමිණිලිකාර කාන්තාවට මුල් අවස්ථාවේ දර්ඝව කරුණු පහදා දෙමින් යෝජනා කළද පැමිණිල්ල සමථ කර ගැනීමට ඇය දැඩි ලෙස විරුද්ධත්වය පළ කළාය. පසුව සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට සිදුවිය. සැකකාර කාන්තාව අනවසරයෙන් අසල ගෙවත්තකින් කඩා ගත් බවට සැක කෙරෙන අඹගෙඩි 19ක්ද පොලිස් භාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස ලේඛන ගත කර තිබිණි.
තමන් අනවසරයෙන් අඹ ගෙඩි දහ නවයක් නොකැඩු බවත්, අඹ මාළුවක් සඳහා තමන් අනවසරයෙන් කඩා ගනු ලැබුවේ අඹ ගෙඩි තුනක් පමණක් බවත් සැකකාර කාන්තාව සිය මුල් කටඋත්තරය මඟින් පොලීසියට ප්‍රකාශ කරනු ලැබුවාය. පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලීස් පරිකීෂක සංජීව මහනාම මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එච්.එම්. යසරත්න මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරික්ෂක වාස් ගුණවර්ධන මහතා පෙනී සිටි අතර සැකකාර කාණ්හාව වෙනුවෙන් නීතිඥ මදාරා වීජේසිංහ මහත්මිය පෙනී සිටියාය.
ආනන්ද කරුණාදාස-
0 comments :
Post a Comment