රුපියල් කෝටි 203ක නියං සහනාධාර සූදානම් : අසරණ අයට මූල්‍යාධාර දීමට කෝටි 495ක්.


පවුල් හාරලක්ෂ පනස් එක්දහසකට රුපියල් කෝටි 203ක වියදමින් නියං සහනාධාර මලූ බෙදාදිමට රජය තිරණය කර ඇතැයි  ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

රුපියල් හාර දහසේ සහ පන්දහසේ බඩු මලූ ලෙස සකස් කර ඇති  එම සහනාධාර මලූ ලබන සතියේ සිට විවිධ සේවා සමූපකාර සමිති මගින් බෙදාදිමට පියවර ගනන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ඊයේ (3) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර  සාමාජිකයන් තුනට අඩු පවුල් සඳහා රුපියල් 4000 බඩු මල්ලත් සාමාජිකයන් 3 හෝ එයට වැඩි පවුල් සඳහා රුපියල් පන්දහසක බඩු මල්ලත් වශයෙන් එම සහනාධාර මලූ බෙදා දිමට නියමිත බවද එහිදී සඳහන් කළේය.

එහිදී දැක්වූ වැඩිදුර අදහස් වලට අනුව,

රුපියල් 4000 බඩු මල්ලක් සඳහා සහල් කිලෝ 20ක්, බිත්තර 10ක්, පරිප්පු කිලෝ 02ක්, අර්තාපල් කිලෝ 02ක්, තේ කොළ ග‍්‍රැම් 200ක්, සීනි කිලෝ 01ක්, තිරිඟු පිටි කිලෝ 02ක්, සෝයා මිට් ග‍්‍රෑම් 70 පැකට 10ක්, කඩල කිලෝ 02ක්, කිරිපිටි ග‍්‍රෑම් 400ක්, මිරිස් කුඩු ග‍්‍රෑම් 250ක්, තුනපහ කුඩු ග‍්‍රෑම් 250ක්, කහකුඩු ග‍්‍රෑම් 50ක් අයත් වේ.

රුපියල් 5000 බඩු මල්ලක් සඳහා සහල් කිලෝ 30ක්, බිත්තර 10ක්, පරිප්පු කිලෝ 03ක්, අර්තාපල් කිලෝ 02ක්, තේ කොළ ග‍්‍රැම් 200ක්, සීනි කිලෝ 02ක්, තිරිඟු පිටි කිලෝ 02ක්, සෝයා මිට් ග‍්‍රෑම් 70 පැකට් 10ක්, කඩල කිලෝ 02ක්, කිරිපිටි ග‍්‍රෑම් 400ක්, මිරිස් කුඩු ග‍්‍රෑම් 250ක්, තුනපහ කුඩු ග‍්‍රෑම් 250ක්, කහකුඩු ග‍්‍රෑම් 100ක් අයත් වේ.

අසරණ අයට මූල්‍යාධාර දීමට කෝටි 495ක්

මේ අතර අඩු අදායම් ලාභී පවුල්වලට අයත් වැඩිහිටියන්, අබාධිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් රජය රුපියල් කෝටි 495ක් වෙන්කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

2018 වසරේ ඉදිරි මාස 03 සඳහා රුපියල් කෝටි 99ක් සහ 2019 වර්ෂය සඳහා රුපියල් කෝටි 369ක් ලෙස අදාළ මුල්‍යාධාර සඳහා මුදල් වෙන් කර තිබේ.


දැනට ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් මිලියන 1.9 කට ආසන්න ප්‍රමාණයක් ආර්ථික වශයෙන් අක්‍රිය තත්වයේ පසුවන බවත් එය සමස්ථ වැඩිහිටියන්ගෙන් 74%ක් පමණ වන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය. මේ වනවිටත් වැඩිහිටියන් 417000ක් වෙනුවෙන් කෝටි 83කට වැඩි මුදලක් සහ අබාධිත තැනැත්තන් 32000ක් වෙනුවෙන් කෝටි 9කට වැඩි මුදලක් මාසිකව රජයෙන් වෙන් කරන අතර වකුගඩු රෝගීන් 24000ක් සඳහා මාසිකව කෝටි 12ක් රජය විසින් වෙන් කරනු ලබන බවද රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment