මීළඟ අගවිනිසුරු : ජයන්ත ජයසූරිය ද? ඊවා වනසුන්දර ද?


වත්මන් අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරන ප්‍රියසාද් ඩෙප් මහතා ලබන සතියේ විශ්‍රාම යාමට නියමිත අතර ඒ අනුව නව අගවිනිසුරුවරයෙකු පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන නම්, ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලට අනුව, නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය වන ඊවා වනසුන්දර මහත්මියගේ නම් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

එම නම් අතරින්  ව්‍යවස්ථාදායක සභාව තෝරාගන්නා තැනැත්තාගේ නම යළි ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ අනුමැතියට යටත්ව එම පත් කිරීම සිදු කිරීමටආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment