මත් රකුසා අතුගා දමන්නට හමුදාව මෙහෙයුම් අරඹයි : ජනපති තීරණයෙන් පොලිසියේ ඉහල පුටු සෙලවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හමුදාපති මහේෂ් සේනානායක මහතා සමග පැවැතී තීරණාත්මක සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය මුළුමනින්ම මැඩලීම සදහා හමුදාව යෙදවීමට තිරණය වී තිබෙන බව වාර්තා වේ.

විශේෂයෙන්ම ජනාධිපතිවරයා හමුදාවට උපදෙස් ලබා දී තිබෙන්නේ රට තුළ තිබෙන මත්ද්‍රව්‍ය ඡාවාරම අනුකම්පා විරහිතව ලෙස මර්දනය කර යුතු බවත් අනාගත පරපුරු මත්ද්‍රව්‍ය ඡාවාරමෙන් බේරා ගැනීමට මෙය සිදු කරන බව ය.‍

ඒ අනූව ජනාධිපතිවරයා විසින් මේ සදහා වන විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරිමට නියමිතව තිබේ.

හමුදාපති මහේෂ් සේනානායක මහතා කියා සිටින්නේ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම බාරගෙන සාර්ථකව එය අවසන් කිරිමට හමුදාව සූදානම් බව ය.

නමුත් මෙම තොරතුරු දැනගැනීමෙන් පොලිසියේ ඉහළ නිළධාරින් සහ මත්ද්‍ර්‍ය ඡාවාරාමට සහාය දෙන නිළධාරින්  දැඩි ලෙස බියට පත් ව ඇති බව ද වාර්තා වේ. පොලිසිය මෙලෙස හමුදාවට මත්ද්‍රව්‍ය මැඩීමේ මෙහෙයුම ලබා දීම පිළිබදව ද අප්‍රසාදය පල කර තිබේ.

නමුත් මේ සියල්ල ගණනකට නොගෙන ජනාධිපතිවරයා සහ හමුදාපතිවරයා එක්ව ලංකා ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම දියත් තිරිමට සියලු කටයුතු මේ වනවිටත් සූදානම් වෙමින් පවතී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment