පොලිස්පති නිසා ජනපති, අගමැති දෙපිලකට.
පොලිස්පතිවරයාගේ නොහොබිනා හැසිරීම් කොතරම්ද යත් ජනතාව අද පොලිසිය කෙරෙහි විශ්වාසයක් නැති තත්ත්වයට පත්ව සිටින බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
මේ තත්ත්වය ඉක්මනින් නිවැරදි කර ගත යුතු බවත් පොලිසිය පිළිබඳව ජනතාවගේ විශ්වාසය අඩුවීම හොඳ ප්‍රවණතාවක් නොවනබවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
පසුගිය කාලයේ රටේ අපරාධ, මංකොල්ලකෑම්, දූෂණ එන්න එන්නම වැඩි වූ බවත් ඒවා සම්බන්ධයෙන් නීතිය හරියට ක්‍රියාත්මක වූවාදැයි නැවත අවධානය යොමු කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා රටේ දෛනික කටයුතුවලට දැඩි බාධාවක් එල්ල වී ඇතැයිද එම තත්ත්වය රටේ විනය පිරිහීමට හේතුවක් යෑයිද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
අපරාධයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම තවත් අපරාධවලට උඩගෙඩි දීමක් බවත් මේ තත්ත්වය වහාම නිවැරදි කරගත යුතු බවත් ඇමැති මණ්ඩලයේ අවධානය ඒ සඳහා යොමු විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
රටේ අපරාධ සංඛ්‍යාත්මකව අඩු වෙලා - විෂය බාර ඇමති
එහිදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා ඇත්තේ ඉකුත් ආණ්ඩු සමයට සාපේක්ෂව මේ වනවිට රටේ අපරාධ සංඛ්‍යාත්මකව අඩු වී ඇති බවයි.
එහෙත් අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතා පවසා ඇත්තේ මිනීමැරුම් ඇතුළු දරුණු මට්ටමේ අපරාධ තවදුරටත් සිදු වන බවයි.
''පොලිස්පතිතුමාගෙ වෑයම ප්‍රශංසනීයයි'' - රනිල්
ජනාධිපතිවරයා මෙසේ පොලිස්පතිවරයා විවේචනය කලේ අගමැතිවරයා විසින් මිට දින කිහිපයකට පෙර පොලිස්පතිවරයාගේ කාර්යභාරය දැඩි ලෙස ප්රසංශාවට ලක්කර තිබියදීය.
රුපියල් මිලියන 60ක් වියදම් කොට වනාතවිල්ලුව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පති පුජිත ජයසුන්දර මහතාව ප්‍රසංසාවට ලක් කළේය.
මාධ්‍යයෙන් වාර්තා නොකළද මේ රටේ අපරාධ ප්‍රමාණය අඩුවී ඇති බවත් අපරාධ විසදීමේ ප්‍රමාණය වැඩිවී ඇති බවත් නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට පොලිස්පති තුමා ඇතුළු සමස්ත පොලිස් සේවාව දරණ වෑයමට තම ප්‍රශංසාව හිමිවන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.
0 comments :
Post a Comment