ඊයේ කූල් ප්ලැනට් ගින්නට උමාරා සහ රයිනි ගායිකාවනුත් මැදිවෙලා



ඊයේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටි කූල්ප්ලැනට් පුද්ගලික නිමි ඇඳුම් සාප්පු සංකීර්ණය ගිනිගත් අවස්ථාවේ ඊට යාබද ගොඩනැගිලි වලටද ගින්න පැතිරුණා.   ගායිකා උමාරා සිංහවංශට අයත් ‘උමාරා
මියුසික් ස්ටුඩියෝ‘ පිහිටි ගොඩනැගිල්ලේද කොටසක් ගින්න නිසා හානියට පත්වුණා. එහි උමාරාගේ ස්ටුඩියෝවට අමතරව තවත් ආයතන ගණනාවක් පවත්වාගෙන ගිය අතර ගින්න නිසා ඇතිවූ කලබලය සමග එම ගොඩනැගිලි ආයතනවල සේවය කළ පිරිස් එළියට පැමිණ තිබුණා.

 උමාරාද ගින්න පැතිරෙන අවස්ථාවේ එහි සිටි අතර අලුත් සංගීත නිර්මාණ කටයුත්තක් සිදු කිරීමට පැමිණි ගායිකා රයිනි චාරුකාද එහි සිටියා.
ඔවුන් එම වැඩ නවත්වා ගින්න සිදුවන ගොඩනැගිල්ල ආසන්නයට ගොස් සිදුවන විපත නරඹමින් සිටි අතර උදව් කරන්නට ආ අයට බීමට ජලය සැපයීමටද උදව් වුණා. උමාරා පසුව ෆේස් බුක් සටහනක් තබමින් කියා සිටියේ තමාට සහය දුන් සැමට ස්තූති කරන බවයි.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment