නීතිඥ සංගමයත් ඇලෝසියස්ගෙන් සල්ලි අරගෙන?


පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගත් සියලුම මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද නැවත එම මුදල් ආපසු ලබා දී නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීය.

2016 ජූනි මස ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාගෙන ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ තිබූ අතර ඒ සඳහා ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු පෙරේදා (04) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment