'ඉදිරි මාස කිහිපය ඉතාමත් තීරණාත්මකයි' : කිරිඇල්ල
ඉදිරි මාස කිහිපය ඉතාමත් තීරණාත්මක බවත් මොන ආර්ථීක අමාරුකම් තිබුණත් රජය රටේ සාමාන්‍ය ජනතාව අමතක කරන්නේ නැති බවත් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ලක්දිරිය වැඩසටහන යටතේ ලංකාපුත්‍ර බැංකුවෙන් ණය හිමිකම් ලැබූ ව්‍යවසායකයින් පිරිසකට ණය මුදල් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි. මහනුවර කෙන්ගල්ල ප්‍රදේශයේදී පැවති මෙම උත්සවයේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයින් 200කට පමණ රු.මිලියන 10ක මුදලක් ණය මුදල් වශයෙන් ප්‍රධානය කෙරිණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ඉදිරි මාස කිහිපය ඉතාමත් තීරණාත්මකයි. අද ඇමරිකාව ඉරානයට විරුද්ධව සම්බාධක පනවා තිඛෙනවා. ඉරානය අපේ රටෙන් විශාල තේ ප්‍රමාණයක් මිලදී ගන්නවා. නොවැම්බර් මාසේ ඉඳලා එ් අපනයන ආදායම අපට අහිමි වෙන්න පුළුවන්. එ් ආදායම අපි අළුතෙන් හොයා ගන්න ඕනේ. එ් අමාරුකම් මැද්දෙත් රටේ සාමාන්‍ය ජනතාව අපි අමතක කරලා නැහැ. මොන බාධක ආවත් රජයේ වැඩපිලිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරනවා.
දැන් රටේ නීතිය ක්රියාක්මක වෙනවා. අද මැති ඇමතිවරුන්ට එක නීතියක්, අනිත් අයට එක නීතියක් නෑ. සියළු දෙනාට එක හා සමානව නීතිය ක්‍රියාත්මක වෙනවා. අධිකරණය ස්වාධීන කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලේ එතුමාට ඕනෙ කෙනෙක් පත් කරන්න පුළුවන් අග්‍ර විනිශ්චයකාර වුනත්. කාටවත් එ්කට විරුද්ධ වෙන්න බෑ. නමුත් අද එ් තත්වය වෙනස්. අද ජනාධිපතිතුමා නමක් යෝජනා කලත් එ් නම ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත වෙන්න ඕනේ. ජනාධිපතිතුමා එවන නම වුනත් ප්‍රතික්ෂේප කරන්න ව්‍යවස්ථාදායක සභාවට අයිතිය තියෙනවා.
කැබිනට් මණ්ඩලයේදී බැංකු ලබන විශාල ලාභය ජනතාවට ලබාදීම පිලිබඳ සාකච්ඡා වුනා. බැංකු මීට වඩා ජනතාවට සමීප කරන්න ඕනේ. ඕනෙ කෙනෙක් බැංකුවකට යන්නේ විශාල චකිතයකින්. එ් නිසා රජය තීරණය කලා එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හැකිතරම් ණය ලබා දීල ගම්මට්ටමෙන් ව්‍යවසායකයන් බිහි කරන්නට.
ඕනෙ වැඩක් කරද්දි කඩාකප්පල් කරන අය ඉන්නවා. බැංකුවලත් 1%ක් විතර එහෙම අය ඉන්නවා. 99%ක්ම ඉන්නේ හොඳ අය. සමහරු පාවිච්චි කරන වචන ප්‍රසිද්ධියේ කියන්නත් බැහැ. මේ වැඩපිලිවෙල කඩාකප්පල් කරන්න එපා කියලා මම එ් අයගෙන් ඉල්ලනවා. තවදුරටත් ඇප කොන්දේසි ලිහිල් කරල ව්‍යවසායකත්වය දියුණු කරන්න කටයුතු කරන්න අවශ්‍යයි."
මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහ ලංකාපුත්‍ර බැංකුවේ සභාපති නීතීඥ සුජිත් කාරියවසම්, බැංකුවේ නිළධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
0 comments :
Post a Comment