බීමත්ව ආ සැමියා පෙට්‍රල් වක්කර බිරියට ගිනි තියලා


මත්පැන් පානය කර ඉකුත් 22 වැනිදා රාත්‍රී 8ට පමණ නිවෙසට ආ පුරුෂයා බිරිය සමඟ ඇතිකර ගත් ආරවුලක් දුරදිග ගොස් පුරුෂයා විසින් බිරියගේ හිසට පෙට්රල් වක්කර ගිනි තැබීම හේතුවෙන් බරපතළ පිලිස්සුම් තුවාල
ලැබූ බිරිය කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ගොකරැල්ල පොලිසිය පවසයි. රෝහලේ ප්‍රතිකාර ලබන්නේ මැල්සිරිපුර  පදිංචි 23 වියැති තිදරු මවකි.

එම කාන්තාවගේ තත්ත්වය බරපතළ බවත් සිරුරේ සියයට 50ක් බරපතළ පිලිස්සුම් තුවාල ඇති බවත් කුරුණගල ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්.එම්.එම්. ප්‍රියංගනී මහත්මිය පැවැසුවාය.  සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය කළ නිරීක්‍ෂණ අනුව සැකකරු මත්පැන් පානයට අබ්බැහි වූ අයකු බවත් පුරුෂයා හා බිරිය අතර නිතර ආරවුල්


ඇතිකර ගන්නා බවත් මත්පැන් පානය කර 22දා රාත්‍රි 8ට පමණ නිවෙසට පැමිණ ඇති කරගත් ආරවුලකදී බිරියගේ හිස මතට පෙට්ටරල් වක්කර ගිනි තබා ඇති බවත් පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාව දරුවන් තිදෙනකුගේ මවක බවත් පරීක්‍ෂණවලින් හෙළිවී ඇති බව ගොකරැල්ල පොලිසිය කියයි. බිරියට ගිනි තැබීමෙන් පසු නිවෙසින් පලාගොස් සිටි සැකකරු පෙරේදා (23දා) දහවල් අත්අඩංගුවට ගත් බවත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු අධිකරණයට ඉදිරීපත් කිරීමට පියවර ගන්නා බවත් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත හේරත් මහතා කියයි.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලීස් අධිකාරී මහින්ද දිසානායක, සහකාර පොලිස් අධිකාරී ලලිත් පුස්සැල්ල මහත්වරුන්ගේ උපදෙස් මත ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක නිශාන්ත හේරත් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ලලිත් චන්ද්‍රකුමාර මහතා ඇතුළු නිලධාරින්න පිරිසක් විසින් සිද්ධිය සම්බන්ධව පරීක්‍ෂණ පවත්වති.

-විජේසිංහ වැලිනක්ද-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment