කෝවිලේ පූසාරියා දුන්න කුඩක් කැනඩා මහ කොමසාරිස් කාර්යාලයට තැපෑලෙන් එවා ජරමරයක්


කොල්ලුපිටියේ පිහිටි කැනඩා මහ කොමසාරිස් කාර්යාලයට පසුගිය 17 වැනිදා තැපැල් මගින් ලැබී තිබූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයෙකුට අයත් විදෙස් ගමන් බලපත්‍රය තුළ තිබී ඇත්තේ කෝවිල්වලට ආශිර්වාද ලබා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ නළල් තලයේ ආලෙප කරන තුන්නූරු යැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

එම විදෙස් ගමන් බලපත්‍රයේ අයිතිකරු වන යාපනය නයනතිව් ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයා පෙරේදා කොල්ලුපිටිය පොලිස් ස්ථානයට කැඳවා ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (21) පැවැසීය.
බිරිඳ සහ දරුවන් කැනඩාවේ පදිංචිව සිටින බවත් තමා ද කැනඩාවේ

පදිංචියට යාමට සඳහා වීසා අයදුම් කිරීමට විදෙස් ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට බාරදී කැනඩා මහකොමසාරිස් කාර්යාලයට එවීමට සැලැස්වූ බව එම විදෙස් ගමන් බලපත්‍රයේ අයිතිකරු පැවැසීයැයි පොලිසිය කියයි.
විදේශ ගමන් බලපත්‍රය කොමසාරිස් කාර්යාලයට එවිමට කලින් තමා එයත් රැගෙන දේවාශිර්වාදය ලබා ගැනීමට ප්‍රදේශයේ කෝවිලකට ගිය බව ද එම පුද්ගලයා පවසන්නේ යැයි ද එම පොලිස් නිලධාරියා කීය.
කෝවිලේ පූසාරිවරයා දේවාශිර්වාද කර තමාගේ නළල් තලයේ තුන්නූරු ආලේප කර එම අළුවලින් ස්වල්පයක් විදෙස් ගමන් බලපත්‍රයට ආශිර්වාද කිරීමට එහි තැවරූ බුව ද පුද්ගලයා වැඩි දුරටත් පොලිසියට පවසා ඇති බව කියති. කොල්ලුපිටිය පොලිසිය මගින් කරන ලද දැනුම්දීමක් මත පොලිස් ස්ථානයේ රැදී සිටි
මෙම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන මුදාහැරිය බව ද පොලිසිය කීය.
බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ විශේෂඥයන් විසින් කැනඩා මහකොමසාරිස් කාර්යාලයට ගොස් කුඩු විශේෂයක් අඩංගුව තිබූ විදෙස් ගමන් බලපත්‍රය ඔවුගේ බාරයට ගනු ලැබීය. එම විශේෂඥයන් විසින් සිදුකරන ලද පරීක්ෂණ වාර්තාව අද හෝ හෙට ලැබීමට නියමිතව ඇතැයි පොලිසිය පවසයි.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment