නෙළුම් කුළුණ ගොඩනැගිල්ලේ වෝටර් ලීක් එකක්

කොළඹ ඉදිකෙරෙන නෙළුම් කුළුණ ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයක ජල කාන්දු සිදුවන බව මේ වන විට වාර්තා වී තිබේ.නෙළුම් පෙති හැඩයට නිමවා ඇති කොටස්වල වීදුරුවලින් මෙලෙස ජල කාන්දු සිදුවන බව
වැඩිදුරටත් කළ සොයා බැලීමකදී දැන ගන්නට ලැබේ.


ඒ අනුව මේ පිළිබඳ නැවත සොයා බලන බව ඉදිකිරීම් සිදුකරන චීන සමාගම ප‍්‍රකාශ කර ඇත.නෙළුම් කුළුණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2012 අගෝස්තු මාසයේදීය.එහි සේවයේ නිරත වන්නන්ගෙන් සියයට 70 ක් චීන ජාතිකයන්ය.සෙසු පිරිස ශී‍්‍ර ලාංකිකයන් වන අතර මෙම ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1,404 කි.ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු වසර 7 ක් ඇතුළත මුදල චීනයේ එක්සිම් බැංකුව වෙත පියවිය යුතු වේ.

මේ වනවිට නෙළුම් කුළුණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සියයට 85 ක් පමණ අවසන් වී තිබේ.ලබන වසරේ ජනවාරි 8 වැනිදා එය විවෘත කිරීමට නියමිතව තිබෙන අතර දකුණු ආසියාවේ දැනට ඇති උසම කුළුණද නෙළුම් කුළුණ ව. එහි උස මීටර් 356 කි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment