බිරිඳ ගෙන්වා දෙන්නැයි තිදරු පියා මාර ගසක් උඩ උපවාසයක

මොනරාගල හුලංදාව දකුණ ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක් ඊයේ  (22 දා) අලුයම තම බාල වයස්කාර පුතුන්
දෙදෙනා සමග මොනරාගල

හුලංදාව හන්දියේ මාර ගසකට නැග විරෝධතාවක නිරත විය. හිටපු සිවිල් ආරක්ෂක භටයකු වන එස්.එම්. අනුර නමැති මොහු සිය බිරිඳට නිතර අඩටත්තේට්ටම් කිරිම නිසා බිරිඳ වැඩිමහල් දියණිය සමග සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව ප‍්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ඇත. සැමියා තමාට පහර දෙන බවට බිරිඳ අවස්ථා කීපයකදී පොලීසියට පැමිණිලි කර තිබේ.

හැරගිය බිරිඳ ආපසු කැඳවා ගන්නට පොලීසිය උදව් නොකරන බව පවසමින් තමා මෙලෙස පුතුන් දෙදෙනා සමග ගසට නැග විරෝධය පළ කරන බව ඔහු සඳහන් කළේය. මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක වේහිත දේශප්‍රිය මහතාගේ නියෝගයක් මත එම ස්ථානයට ගිය පොලිස් උප පරීක්ෂක වසන්ත ආනන්ද මහතා විරෝධතාකරුට සාධාරණයක් ඉටු කරන බව පවසා මාර ගසෙන් බිමට බස්වා ගෙන පොලීසියට කැඳවා ගෙන ගියේය. ඡායාරූපවලින් දැක්වෙන්නේ ඔහු ගසෙන් බිමට බසවා ගන්නා අයුරුයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment