අහස් කූරක් යවා තෙල් ගබඩාවක් ගිනි තැබුවැයි ශ්‍රී ලාංකික තරුණයකු දකුණු කොරියාවේ දී අත්අඩංගුවට

දකුණු කොරියාවේ සෝල් නුවර, ගොයැන්ග් ප්‍රදේශයේ පිහිටි තෙල් ගබඩා සංකීර්ණයක ඇති වූ පිපිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඉරිදා දිනයේ දී

අදාළ තෙල් ගබඩා සංකීර්ණයේ තිබු ටැංකියක් පුපුරායාමෙන් එහි ඉන්ධන ලීටර් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ කොරියානු ආරක්ෂක අංශ ඊයේ(08) දිනයේ ඊට සම්බන්ධ බවට සැකපිට ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු විසින් යැවූ අහස් කූරක් අදාළ ගබඩා සංකීර්ණය පිහිටි භූමියට පතිත වී ඇති අතර ඒ සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් එම තෙල් ටැංකිය පුපුරා ගොස් ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාකිකයා 27 හැවිරිදි අයෙකු වන අතර ඔහු දකුණු කොරියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිට ඇති බව වාර්තා වෙයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment