ඇමති ෆොනී ගැන තීන්දුවක් : ජනපති - අගමැති සාකච්ජා.
ඇතැම් ඇමතිවරුන් සාමූහික කැබිනට් වගකීම් පැහැරහරිමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින ජනාධිපතිවරයා, අද කැබිනට් හමුවට පෙර ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සාකච්ජා කිරීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
මෙහිදී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පසුගිය දින කිහිපයෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සිදුකල ප්‍රකාශ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
මේ අතර අලි වැට ඉඳිකිරීම සම්බන්ධයෙන් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සමග අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ජාව දින නියමයක් නොමැතිව කල් දැමීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත. එම සාකච්ජාව සඳහා වනජීවී අමාත්‍යංශයේ හා පරිසර අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් ද සහභාගිවීමට නියමිතව සිටියහ.
අද කැබිනට්ටුවේදී විශේෂ ප්‍රකාශයක්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02දා) පෙරවරු 9.30ට පැවැත්වීමට තිබූ කැබිනට් හමුව පෙරවරු 10.30ට පැවැත්වීමට නියමිත බව සියලු කැබිනට් සාමාජිකයන්ට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දී තිබේ.
ඊයේ පස්වරුව වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සියලු කැබිනට් සාමාජිකයන්ට මේ බව දැනුම් දී ඇති බැව් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග තහවුරු කළේය.
මේ අතර අද පැවැත්වෙන කැබිනට් හමුවේදී රටේ පවතින වත්මන් අර්බුද සහ ඊට විසඳුම් ලබාගැනීම සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද වාර්තා වේ.
රටේ ජාතික ආරක්ෂාව, ආර්ථිකය සහ සාමූහික කැබිනට් වගකීම් පැහැරහරිමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ජනාධිපතිවරයා මෙම විශේෂ ප්රකාශයේදී අවධානය යොමුකරන බවද ඉහත කී ආරංචි මාර්ග සනාථ කළේය.
ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට සහභාගි වීම හේතුවෙන් පසුගිය සතියේ සුපුරුදු කැබිනට් හමුව නොපැවැත්විණි.
0 comments :
Post a Comment