ක්‍රීඩකයන් නවාතැන් ගත් හෝටලය අහිමි වෙයි- පල්ලේකැලේ ටෙස්ට් තරඟය අවදානමක


ශ්‍රි ලංකාව හා එංගලන්තය අතර නොවැම්බර් 14 වැනිදා පල්ලෙකැලේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා කණ්ඩායම් දෙකටම නවාතැන් ගැනීම සඳහා හෝටලයක් සොයා ගැනීමේ ගැටලුවට ශ්‍රී
ලංකා ක්‍රිකට් බලධාරීන් මුහුණ දී සිටින බවට වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධව නිල සංචාරක හෝටලය ලෙස කටයුතු කරනු ලබන මහනුවර තැනෙකුඹුරෙහි පිහිටි මෙම සුපිරි පන්තියේ හෝටලයෙහි පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග ඒ සඳහා සහභාගි වන දෙස්-විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් නවාතැන් ගනී.


එහෙත්  පසුගිය අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාව සමග පැවැති එක්දින තරග දෙකක හා එංගලන්තය සමග පසුගිය සතියේදී (ඔක්.17 හා 20) පැවැති තරග දෙකකට අදාළ හොටෙල් ගාස්තු ගෙවා නොමැති වීමද මෙම තත්වයට ආසන්නතම හේතු වී ඇතැයි පැවැසේ. ක්‍රිකට් ආයතනය විසින් නොවැම්බර් 14 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගය සඳහාද මෙම සුපිරි හෝටලයේ කාමර 80ක් පසුගිය වසරේදී වෙන් කරන ලද නමුත් අන් සඳහන් කළ තරග හතරක නවාතැන් ගාස්තු ගෙවා නොමැති වීම හේතුවෙන් එකී වෙන් කරන ලද කාමර සියල්ල හෝටල් කාර්ය මණ්ඩලය විසින් සංචාරකයන්ට (විශේෂයෙන්ම තරගය නරඹන එංගලන්ත සංචාරකයන්ට) වෙන් කර දී ඇත.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හා එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන්ට නවාතැන් ගැනීම සඳහා මෙම හෝටලයම වෙන් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ දරන බවද වාර්තා වේ. ඒ අනුව මෙම කාමර වෙන් කරගත් සංචාරකයන්ට වෙනත් ස්ථානයක් සොයා දුනහොත් පමණක් කණ්ඩායම් දෙකටම කාමර ලබා දීමට හැකි බව හෝටලයේ කාර්ය මණ්ඩලය විසින් ක්‍රිකට් බලධාරීන්ට පවසා තිබීම හේතූවෙන් ක්‍රිකට් ආයතන බලධාරීන්  විසින් මෙම හෝටලයේ කාමර වෙන් කරවාගත් සංචාරකයන් සඳහා වෙනත් හෝටලවල කාමර සොයා දීමේ මෙහෙයුමක් අරඹා ඇතැයිද දැනගන්නට ඇත.

-විචිත්‍ර වීරසිංහ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment